ලොව ශ්‍රේෂ්ඨටම වෘත්තීන් අතර ගුරු වෘත්තිය ඉහල
කොට සලකන්නේ ලෝකයේ හා මනුස්සවර්ගයාගේ රඳා පැවැත්ම සඳහා වු පදනම සකසන
පුද්ගලයා ගුරුවරයා වන හෙයිනි..
ළමයෙකුට ලෝකය දකින්නට ..
ලෝකයේ හිස ඔසවා ජීවත් වන්නට..
මිනිසුන් තේරුම් ගන්නට ඔබ අප හුරු කරන්නේ යම් සේද..
ගෙදර වැටි වැටි නැගිටින්නට දෙමාපියන් උදවු වන්න සේම,
සමාජයේ නොවැටී සිටින්නට අවැසි ආකල්පමය පදනම සපයන්නේ ඔබයි..
පාසල් ගේට්ටුවෙන් අපිව බාරගෙන ගෙදර බිත්ති හතරින් එහා ලෝකයක් ඇති බව අපිට මුලින්ම පසක් කර දුන්නේත්..
හැමදාම එකම තැන වාඩි නොකර එක එක තැන් වලා වාඩිකරලා සමාජයේ හැම එකාම එක වගේ නොවන බව මුලින්ම දැනෙන්න සැලැස්වුවේත් නුඹයි..
පාඩම කියාදී ව්භාගය තියන්නේ පාසලේ පමනක් බවත්
ජීවිතය පාඩම කියාදෙන්නේ විභාගය අවසානයෙදී බව මට කියා දුන්නේ ඔබයි...
කොතරම් සැප සම්පත් තිබුනත් අවසානයේ අවැසි වන්නේ මිනිසුන් බවත්..
සැපේදී සිටිනා මිතුරන්ගෙන් දුකේදී ඉතුරු වන්නේ අතලොස්සක් බවත්..
ජීවිතය ජයගන්නේ පොත් ගුල්ලන් නොව සමාජය නිවැරදිව කියවන්නට හැකි උන් බවත් අපිට කියා දුන්නේ ඔබයි..
උත්සවයක් දවසක හවසට එක බෝතලේට සෙට් වෙලා
ඊගාව දවසේ නැවත සුපුරුදු "ඔබ" දකිද්දි
තැනට උචිත අයුරින් හැසිරෙන්නට හා "එතනින් එය ඉවර කිරීම"අපිට නොකියා කියා දුන්නේ නුඹයි..
ඔබෙන් සිනා සිසි කන වේවැල් පාරම අම්ම ගෙන් කෑවාම අපි කැමොර දිදී හඬන්නේ වේවැල් පාරේ වේදනාවට නොවන බව අපිට තේරුම් කලේ නුඹයි..
වගකීමේ හා වගවීමේ වෙනස මට කියා දුන්නේත්..
තනතුරු/වගකීම් දැරීමට දක්ෂයා මං වෙද්දී ඔබ සුදුස්සාට එය ලබාදී
ඒ තුලින් ඇතැම් අවස්ථාවල දක්ෂයාට වඩා ගැලපෙන්නේ සුදුස්සා බව මට කියා දුන්නේත් නුඹයි...
අපගේ සමාජීය දේශපාලනයේ පලමු පාඩම බොහෝ විට ඔබගෙනි...
කොටින්ම මිනිසුන් තනන්නේ...
ඇට ලේ මස් නහර සහිත මිනිසාව,මනුස්සයෙක් කරන්නේ..
මහත්වරු,මහත්මයො කරන්නේ ඔබයි..
අද මා ලොව යම් හෙයකින් දකින්නේ නම්
ජීවිතය ජීවත් කරන්නේ නම්
වැරැද්දෙන් නිවරැද්ද තෝරා ගන්නවා නම් එහි සියලු පැසසුම් හිමිවිය යුත්තේ ඔබටයි!
කවදාවත් වයසට නොයන
කොතරම් වයසට ගියත් හැමදාම සිතින් අපිටත් වඩා තරුණ..
තමන්ට වඩා සිසුන් ඉහලට යද්දි ඒ දිහා බලා ආඩම්බර වෙන එකෙකු මෙලොව වේ නම් ඒ ඔබ පමණයි!
ආදරණීය ගුරු අම්මේ තාත්තේ....
ඔබට උපහාරයක්ම වේවා!
ලිපිය ලියා එව්වේ : සබිත් http://www.sabithl.blogspot.com/
Friday, March 16, 2012
Monday, March 12, 2012
ගණිතය මෙන්ම දේවත්වයත් පෙන්වූ ඔහු
ජීවන ගමන් තලාවේ අපට හමුවන දහසකුත් අය අතුරින් මතකයේ රෑදී සිටින චරිත වේ නම් ඒ බොහොම අතලොස්සකි. ඒ බොහොමයක් දෙනා ජීවිත කාලය පුරාවටම අපට අමතක කරන්න බෑරි, මේ සන්සාර ගමනේදී අපට හමුවන එක්තරා සොදුරුබරම මනුශ්‍යය කොට්ඨාශයක් ම නිසාවෙනි. ඒ අතුරිනුත් මගේ ගුරුවරයෙක් වේ නම් ඔහුට හෝ ඈයට මා අතිමහත් ගෞරවයක් දක්වන්නේ පොතේ පතේ දෑනුම මෙන්ම ජීවන දර්ශනය ගෑන වදනකින් හෝ ඔවදනක් දී මාගේ ජීවිතය පහන් කරන්නට දෑක්වු වෙහෙසට ප්‍රණාමයක් දක්වනු පිණිසම නොව, කුඩා කල සිටන්ම ගුරුවරුන්ට දක්වන අපිරිමිත සෙනෙහස, ආදරය, අසීමිත ඈල්මය.
13 වසරක් පාසල තුලත් එතෑනින් ඔබ්බට නොයෙකුත් තෑන් වලදි ගුරුවරයා කියන චරිත අපි අඹිමුවට පෑමිනේ. ගෙවුනු කාලය පුරාවට නිතෑතින්ම සිහියට නෑගෙන, මතකයෙන් නොගිලිහෙන, හදවතේ රෑව්දෙන මන් බොහොමයක් ගරු කරන ගුරු චරිත 2ක් වේ නම් ඒ මට 8,9,10,11 වසර වලදි ගණන් උගන්වපු "තිලක් විදාණපතිරන " සර් සහ අදටත් මට අකුරු කරවන එක්තරා ගුරුවරියක් පමණකි.
13 වසරක් පාසල තුලත් එතෑනින් ඔබ්බට නොයෙකුත් තෑන් වලදි ගුරුවරයා කියන චරිත අපි අඹිමුවට පෑමිනේ. ගෙවුනු කාලය පුරාවට නිතෑතින්ම සිහියට නෑගෙන, මතකයෙන් නොගිලිහෙන, හදවතේ රෑව්දෙන මන් බොහොමයක් ගරු කරන ගුරු චරිත 2ක් වේ නම් ඒ මට 8,9,10,11 වසර වලදි ගණන් උගන්වපු "තිලක් විදාණපතිරන " සර් සහ අදටත් මට අකුරු කරවන එක්තරා ගුරුවරියක් පමණකි.
සිරි ලන්කාවේ පාසල් කාලය පුරාවටම හමුවන ප්‍රධාන සන්ධිස්ථාන කීපය අතුරින් ළමයෙකුට 5 ශිෂ්‍යත්ව කඩයිම(අද කාලේ අම්මලාගේ විභාගේ) , 11 වසර O/L විභාගේ , O/L පාස් උනොත් A/L විභාගය මුහුනදීමට සිදුවන ප්‍රධානතම අභියෝගයන්ය.
O/L කිව්වම ළමයින්ගේ භීතිකාව වෙන්නේ ගණන්ය. (ඒ ඈයිද කියලා මන් අදටත් දන්නේ නෑ). O/L විභාගයට දවස් කීපයකට පෙරත් සර් පන්තියේදි අපට කිව්වේ " ළමයෙකුට පාස් වෙන්නත් ෆේල් වෙන්නත් ලේසිම විෂය ගණිතය" කියලා (මොකද ගණිතය පේපර් 1ට ලකුණු 0ක් ගන්නත් 100ක් ගන්නත් පුලුවන් කියලා සර් අපිට කලින්ම තේරුම් කරලා දීල තිබ්බේ)
මාත් ඉතින් දෙයියනේ කියලා 8 වසරේ ඉදන් ගණන් වලට ටියුශන් පන්තියකට යන්න සිදුවුනේ, ඔනෑකමක් ඈති වුනේ 7 වසර අවසාන වාර විභාගයේදී මා ගණිතය විෂයට දක්වපු දක්ෂතාවය මා මෙන්ම අපේ ගෙදර අයද දෑන සිටි නිසාවෙනි. (7 වසර අවසාන වාර විභාගයේදී මට ගණන් වලට තිබ්බේ ලකුණු 33) ප්‍රදේශයේ සිටින දක්ශතම, ජනප්‍රියම දේශකයා තිලක් සර් උනාට අපේ ගෙදරින් වෑඩි හොදට මාව යෑව්වේ සර්ගේ කණ්ඩායම් පන්තියකටය. බොහොම ටික දවසකින්ම මහා විපර්යාසයක පෙරනිමිති පෙන්නුම් කරන්නට විය. එහි මුල්ම ප්‍රතිඵලය 8 වසර පලමු වාර පරීක්ෂණයට මට ලකුණු 89ක් ලෑබීමත් සමගය.
එතෑනින් ආරම්භ වූ ඒ ගමන අවසන් වෙන්නේ O/L වලට "A" 1 ක් සමගය. A/L වලට ගණිත විෂය ධාරාව තොරා ගෑනීමටද මෙය ප්‍රධාන පසුබිම විය. 8,9,10,11 වසර වල මා ගණන්කාරයෙකු කිරීමේ පූර්ණ ගෞරවය හිමිවිය යුත්තේ තිලක් සර්ටය. සර් අපිව විෂයෙහි දෑනුමෙන් පූර්ණව සන්නද්ධ කරා, සර්ගේ විෂයෙහි ඈති ප්‍රවීණත්වය, දක්ෂතාවය ගෑන මා පුරසාරම් නොදොඩන්නේ, සරුත් කවදාවත් සර් ගෑන ප්‍රශස්ති නොගෑයූ නිසාවෙනි. සර් ගෙන් එක් දිනක් හෝ අකුරු කරපු අයෙක් වෙතොත්, සර්ගේ විෂයෙහි ඈති ප්‍රවීණත්වය, දක්ෂතාවය පිළිබදව මොනවට සාක්ෂාත් කරන බව නොරහසකි.
පාසළ තුලත් ඉන් පිටත් සර්ට තිබ්බේ පුදුම පිළිගෑනීමක්, ගෞරවයක්. ඈත්තටම සර් පුදුම ආදර්ශවත් චරිතයක්. විශේෂයෙන් ළමයින්ට නම් සර් ව දෙවියෙක් වගේ. ඒ වගේම සර්ට පුදුම ආදරෙයි, සරුත් ළමයින්ට එහෙමයි. පාසල තුල ඈට බෝලයකටත් රණ්ඩු කරන පොඩි කොල්ලෝ කුරුට්ටොන්ගේ රන්ඩු සරුවල් බේරන්න පන්ති භාර ගුරුවරයාට පුලුවන් උනාට, ඉහළ පන්ති වල හයේ හතරේ ඉලන්දාරී කොල්ලන්ගේ වලි බේරන්න විදුහල්පතිටත් බෑරි වෙනකොට ඒ හෑම දබරයක්ම විසදුවේ සර්. කොච්චර දඩබ්බරයෙක් උනත් සර්ට මෙල්ල වෙනවා. සර්ගේ වචනයකට උනත් ලමයි පුදුම විදිහට ගරු කලා. සර්ගේ වචනෙට උඩින් කවුරුවත් ගියේ නෑ. එක් දිනක් ඉස්කොලේ ඈරිලා යනකොට සර් බයික් 1න් වෑටිලා රෝහල් ගත කරාම මුලු රෝහල පිරෙන්න පාසල් කීපයකම ළමයි එකතු වුනේ සෑනිල්ලකින්, රෝහල් කාර්‍යය මණ්ඩලය පවා පුදුම කරවමින්ය. එදා බොහෝ දෙනෙකුට බොහෝ දෙවල් තෙරුම් කරවපු දවසක් විය.
පන්ති කරපු කාලෙදි උනත් සර් පුදුම කෑපකිරීමකින් උගෑන්නුවේ. සර් ටියුශන් පන්ති වලදි අය කරන මුදලට 100 ගුණයක සාධාරනත්වයක් කරනවා. පන්ති වල පිස්සු නටන, වෑඩ කරන්නේ නෑති ළමයින්ට අවවාදයක් දෙනකොට සර් නිතරම කියනවා, මන් ඔයගොල්ලොන්ගෙන් මුදලක් අය කරනවා, ඔයාලට උගන්වන්න ඔයාලගේ දෙමාව්පියෝ දුක් විදලා හම්බ කරලා තමයි ඔයාලව පන්ති වලට එවන්නේ, මටත් ණයකාරයෙක් වෙන්න බෑ, හොදට ඉගෙනගන්න මන් පුලුවන් හෑම උදව්වක්ම කරනව කියලා. පන්ති 8ට පටන් ගන්නවා නම් හරියටම 8ට සර් පන්තිය පටන් ගන්නවා, නතර කරන්නේ වෑඩිපුරත් කරලා.
සර්ගේ තියෙන නිහතිමානකම, අව්‍යාජකම, මනුස්සකම, චාම් සරල ගති පෑවතුම් අපි හෑමොටම මහගු ආදර්ශයක්. O/L විභාගෙට දවස් කීපයකට කලින් අපේ පන්තියේ අන්තිම දවසේ මගේ සමරු පොතේ සර් ලිව්වේ මෙහෙමයි "යහපත්වු සියලු පෑතුම් ඉටුවෙන වාසනාවන්ත අනාගතයකට සුභ පෑතුම්"
ඈත්තටම ඒක මහා ශ්‍රේෂ්ඪ කියමනක් නොවුනත්, ඒ වදන් පෙළ අදටත් මගේ හිතේ දෝන්කාර දෙනවා, ඒක කොයිතරම්ද කියනවානම් කාගේ හෝ උපන් දිනයකට, අලුත් අවුරුදු උදාවකට, නව වසරක් මුලදී මෙන්ම නොයෙකුත් විශේෂ තෑන්වලදී මන් අදටත් සුභ පතන්න මන් යොදා ගන්නේ ඔය වදන් පෙළයි.
ඈත්තටම ඒක මහා ශ්‍රේෂ්ඪ කියමනක් නොවුනත්, ඒ වදන් පෙළ අදටත් මගේ හිතේ දෝන්කාර දෙනවා, ඒක කොයිතරම්ද කියනවානම් කාගේ හෝ උපන් දිනයකට, අලුත් අවුරුදු උදාවකට, නව වසරක් මුලදී මෙන්ම නොයෙකුත් විශේෂ තෑන්වලදී මන් අදටත් සුභ පතන්න මන් යොදා ගන්නේ ඔය වදන් පෙළයි.
O/L කාලයේ විතරක් නෙවේ 10,9,8 වසර වලදිත් මන් පන්තියේ ගණන්කාරයෙකු වුයේ සර් ට පින්සිද්ද වෙන්නය. ඒ දවස් වල පන්තියේ මම ගණන් වලදි පොරක්. ඉස්කොලේ දෙන ගෙදර වෑඩ නොකරන, ගණන් තෙරෙන්නේ නෑති ලමයි පහුවදා උදේට මන් එනකම් මග බලන් එන්නේ මන් හදලා තියෙන ගණන් ටික කොපි කරගන්නටයි. එදා ඒ ගණන් වලට දක්වපු ඈලුම්කම අදටත් එහෙම්මමයි.10,11 පන්තිවලදි උගන්වපු ගණන් මට අදටත් හොදට මතකයි. ඒ දවස් වල සර් සාධනය කරපු ප්‍රමේයයන් එහෙම මට පේළියක් නෑර මතකයේ තියෙන්නේ එදා ඒ සර් මගේ හිතේ ගණිතය විෂය කෙරෙහි ඈති කරපු ආශාවයි.
දයාබර "තිලක් විදානපතිරණ" ගුරු පියාණෙනි,
ඔබට මගේ හදපිරි නමස්කාරය...!!!
දයාබර "තිලක් විදානපතිරණ" ගුරු පියාණෙනි,
ඔබට මගේ හදපිරි නමස්කාරය...!!!
ලියා එව්වේ : මාලක අමිත් ප්‍රසන්න.
Subscribe to:
Posts (Atom)