Thursday, January 12, 2012

ලෝකේ කොයි කොනට ගියත් ඔබ තුමිය නම් සැබෑ කුසුමක් !

මගෙ ජීවිතේ හදාගන්න කියලා දුන්නු ගුරුවරු කිහිපදෙනා අතරින් කවුරු ගැන මුලින්ම කියනවද කියලා හිතලා මට මෑතදි මුනගැහුනු අමතක නොවෙන ගුරුතුමියක් ගැන කියන්නත් ඕන කියලා හිතුව මුලින්ම.

සමහරු කියනවා ගුරුවරයෙක්ගේ හොඳ කියද්දි"ගොට්ට අල්ලනවා" නැත්නම් "දීගෙන යනවා" එහෙමත් නැත්නම් "පන්දම" අල්ලනවා කියලා.ඒ මොනවා කිවුවත් ඉගෙන ගන්න කෙනෙක්ට ගුරුවරයෙක් ගුරු දෙවියෙක් හමුඋනාම කවුරු මොනවා කිවුවත් කමක් නෑ කියලා ඒ වටින ගුරු තුමා ගැන කියන්න හිතෙනවා.
සාමාන්‍යයෙන් සමාජේ සම්මතයක් තමයි 'විශ්ව විද්යාලයේ ගුරුවරු නෑ, ඉන්නෙ ලෙක්චරර්ස්ලා' කියලා.එත් විශ්ව විද්යාලෙ තරම් අපිට ජීවිතේ ඉගෙනගන්න වෙන කිසිම තැනක් නෑ.අපි හා හා පුරා කියලා වැඩිහිටි සමාජෙකට මුලින් යන්නේ විශ්ව විද්යාලට ආවමනෙ.එතකල් අපි ළමයි.විශ්ව විද්යාලෙට ආවම අපි කවුරුත් වැඩිහිටියො ගානට ගනන් ගැනෙන්නෙ.

නමුත් ඒ වැඩිහිටි සමාජෙ කොයි තරම් අප්‍රසන්නද කියල තේරෙද්දි පොලව පලාගෙන යන්න හිතෙනවා මට නම්.මගේ ජීවිතේ අමාරුම කාල වකවානුවක් ගෙවුනෙ කැම්පස් ඇවිත් ගතකරපු දෙවෙනි අවුරුද්දෙ. විවිධාකාර ප්‍රශ්න ගොඩකට මං හිරවෙලා ඉද්දි අන්තිමට මන් හිතුවා මගේ ප්‍රශ්නය තේරෙන වැඩිමහල් කෙනෙක්ට කියන්න...

ඒ වෙලාවෙ මගෙ හිතට ආවෙ ගුරුතුමියක්- කථිකාචාර්යතුමියක් කියන වචනෙ හදවතට දැනෙනවා මදි.මැඩම් කියලා කියන්නම්, මට වඩා අවුරුදු 10ක් වැඩිමල් ඇති වැඩිම උනොත්.ඒත් එ වෙලාවෙ මට හිතුනා ගිහින් මැඩම් මුණ ගැහෙන්න.මගේ වාසනාවට වගේ මැඩම් කිවුවා කතා කරන්න එන්න කියලා.එක කෙලවරක ඉඳන් ඔක්කොම කියාගෙන ගියා.ඒ මැඩම් කවුන්සලර් කෙනෙක් නෙවේ.ඒත් මන් කිවුව දේවල් අහලා මට කවදාවත් අමතක නොවෙන්න කියලා දුන්නා ජීවිතේ ප්‍රශ්න ප්‍රශ්නයක් කරගන්නෙ නැතිව,දාහක් මඩ ප්‍රහාර,කෙටවිලි ගෙරවිලි අස්සෙ ජීවත් වෙන හැටි.

මැඩම් ඒ කියලා දුන්නු ඩිසයින් එක මගෙ මුලු ඩිසයින් ජීවිතේම පැවැත්ම තීරණය කලා කියල මැඩම් සමහරවිට දන්නෙ වත් නැතිව ඇති.අදටත් මන් ගොඩක් දේවල් ඉගෙන ගන්නෙ ,කරන වැඩ සාර්ථකව කරන්නෙ එදා මැඩම් ජීවිතේ හදාගන්න කියලා දුන්නු පාඩම නිසා.

ආදරනීය නිසංකා කුසුම්සිරි නානායක්කාර මැඩම්.....
ලෝකේ කොයි කොනට ගියත් ඔබ තුමිය නම් සැබෑ කුසුමක්
මගෙත් තව ගොඩාක් දෙනෙක්ගෙත් ජීවිත වල ඔබතුමිය ඇන්ද මෝස්තර සදාකාලිකයි.

ගොඩාක් ඔබතුමියට පින්.

සටහන ලියා එව්වේ: බියංගා සුභසිංහ

8 comments:

  1. සමහරු අපිට ගොඩක් දේවල් දෙනවා.. කිසි දෙයක් බලාපොරොත්තුවෙන් නම් නෙමෙයි. ඒ අතරින් ගුරුවරු අමිල යි. ඔවුන් අපේ ජීවිත ගැන අපිටත් වඩා හිතනවා. ඒ ලැබෙන ලාභ ප්‍රයෝජනයකට නම් නෙමෙයි, තමුන් උගන්නපු දරුවෙක් ජීවිතේ දිනුවා කියන අහිසක සතුට අත්විදින්න. :)

    ReplyDelete
    Replies
    1. ඔබ නම් හරියටම හරි..... ඔබේ අත්දැකීමුත් බෙදා ගනිමුද?

      Delete
  2. මගේ ටීච ගැන ලීව එකක් එවන්නද?

    ReplyDelete
    Replies
    1. ලියන්න නගා. ලියා එවන්න :)

      Delete
  3. අපේත් හිටියා ඒ වගේ ගොඩක් හොඳ මැඩම් කෙනෙක්! අපේ අවාසනාවට ඒ මැඩම්ට යන්න වුනා! :(

    ReplyDelete
  4. අපරාදෙ. දුක යන්නත් එක්ක ඒ ටීච ගෑන ලියල මේල් එකක් එවන්නකො :)

    ReplyDelete
  5. හැම දෙයකම හොඳ දේවල් ටිකයි.ඒවගේ ගුරුවරු ඉන්නෙත් ටිකයි.

    ReplyDelete