Wednesday, January 11, 2012

පලමු පාඩම් සටහන

අද හරිම වැඩ අධික දවසක්. ජීවිතේ මල්ගෙ නමේ හැටියටම , එයා මොන බිසි උනත් මල් මානසිකත්වයෙන් ඉන්නෙ පැය විසිහතරම. ඒ නිසාම කොච්චර වැඩ බහුල වුනත් , අලුත් අදහස් නම් එනවා ඉවරයක් නෑ. ඒ අදහස් අකුරු කරගන්න වෙලාව තමා හිඟ. ඒත් අතාරින්නෙ නෑ. සමහර අදහස් නම් ආවෝ.. ගියෝ... අමතක වෙනවා. ඔන්න මේ අදහස නම් එහෙම ලේසියෙන් අමතක කරනු බෑ.

මොකක්ද මේ කරන්න හදන්නෙ? මොකවත් නොවෙයි .. මම කරන්න හදන්නෙ , අපේ ජීවිත අලුත් මාවතකට ගෙන ගිය ගුරු මව් වරු , පියවරු අනේක ඉන්නව. මම හිතන්නෙ හැම කෙනෙකුටම එහෙම සුවිශේෂී , ඒ වගෙම තමුන්ගෙ ජීවිතේ වෙනස් කල ගුරුවරු ඉන්නව. 

මේ ඉඩ වෙන් වෙන්නෙ ඒ නිසා අපිට. එහෙම නැතිනම් , ගුරුවරුන් ගැන කතා කරන්නට හිත ඇති ඔබට. භාෂා දෙකෙන්ම අපි යමු නේද?

ඔබේ ජීවිතේ නොමැකෙන සටහනක් තැබූ ගුරුවරුන් වෙනුවෙනුයි මේ ඉඩ. හැබැයි එක දෙයක්. අමතක කරන්නෙපා, ඒ සටහන සතුටුදායක, දුක්බර, බියජනක, යනාදී එකී මෙකී නොකී.. මේ ඕනෑම එකක් වෙන්න පුලුවනි. හොඳේ. ඔබට හිතෙන ඕනෙම දෙයක් , මට ලියල එවන්න. එක්කො මුහුණු පොතේ මැසේජ් එකක. ජීමේල් මැසෙජ් එකක, හෝ මේ බ්ලොග් සටහනේ කොමෙන්ටුවක් ලෙසට... 

ලැබෙන අනුපිලිවෙලින්, මේ බ්ලොග් අඩවියෙ, ඊලඟ බ්ලොග් සටහන ඔබගෙ ලියමන වේවි. අමතක කරන්නෙපා.. ඔබේ ලිපිය සමග ඔබෙ නම පල වෙනවට කැමතිද නැද්ද යන්නත් කියල එවන්න.

ස්තූතියි... 
ජීවිතේ මල්...

23 comments:

  1. අනිවාර්යයෙන් මගේ ලිපියත් ලැබෙයි නංගි. මං ජීවිතේ වැඩියෙම ගරු කරන ඒ ගුරු මෑණියෝ ගැන මම ලියනවා

    ReplyDelete
    Replies
    1. ශා නියමයි අක්කා. ඔයා තමා එහෙනම් මේ බ්ලොග් එක ඕපන් කලේ... ජය!

      Delete
  2. හෙහ්....හෙහ්, අපූරු වැඩක් දිල්....කියන්ඩත් දෙයක්ය නේද?......උඹ කලොත් ඉතින් ආයෙ ඒකෙ අහන්ටත් දෙයක් තියේය...නේද?......මමත් ලියන්න ඕන......ඉස්ටූටි හොඳේ මෙහෙම දෙයක් පටං ගත්තට.....

    ReplyDelete
    Replies
    1. රවි අයියා... හෙ හෙ. මේක පොඩිම පොඩි වැඩක්... බලමු නේද?? ඔන්න රවි අයියගෙනුත් ලිපියක් ඕනා... :)

      Delete
    2. මගේ ආදරණීය ගුරු මෑණියෝ ටිකක් තද නීති ඇති කෙනෙක්. මාව දණ ගස්සලා තියයිද දන්නේ නැහැ......... :D

      Delete
  3. හොඳ වැඩක් මමත් එන්නම්..

    ReplyDelete
    Replies
    1. නියම්යි.. මට හරි සතුටුයි... ! ලිපිය එනකල් බලා සිටිමි :)

      Delete
  4. ගුරුවරු ගැන නම් කියන්න දේවල් එමටයි.මේ බ්ලොග් 1 නම් ගොඩාක් රසවත් වේවි.

    ReplyDelete
    Replies
    1. එහෙනම් ඔන්න ටික ටික කියමු හොඳේ... :) බලා සිටිමි :)

      Delete
  5. අතීතය මතක නෑ මට..... :D

    ReplyDelete
    Replies
    1. නියමයි... අන්න එහෙම තමා ඉන්ට ඕනෙ :)

      Delete
  6. බොහෝම අපූරු වැඩක්... මගෙනුත් ලිපි රාශියක් ලැබෙයි...

    ReplyDelete
    Replies
    1. නියමයි නගා... ජය වේවා !! ඔන්න ලිපි එනතුරු බලා ඉන්නවෝ :)

      Delete
  7. මට ටීචලා 2-3 දෙනෙක්ට බනින්නත් තියෙනවා :D :D
    මරු මේකට මම් උඩින්ම කැමතියි :D

    ReplyDelete
    Replies
    1. අකුරු හදවතේ කැඩපතයි.. ස්තූතියි.. ලියා එවන්න

      Delete
  8. මම හිතට දැනුන වෙලාවල් වල ගුරුතුමී ගැන ලියලා ඇති මගේ බ්ලොගේ.. ආයෙත් පළ වුනා ට අකමැත්තක් නෑ ආගන්තුකයාගේ. කී වරක් පළ උනත්, ඔවුන් අපේ ජීවිතේට දුන්න දේවල් නම් අමතක වෙන්නෙ නෑ කවදාවත්, ඒ දේවල් අකුරු වලින් කියන්නත් බෑ..!!!

    ReplyDelete
    Replies
    1. ආගන්තුකයෝ... මට ඔයා කැමති ලිපියක් එවන්න. :) මුහුනු පොතෙ හරි , මෙකෙම කොමෙන්ටුවක් හරි :)

      Delete
  9. කොහොමද ලිපිමැවන්නෙ මම???

    ReplyDelete
  10. අහ්හ් හරි හරි... මම මූණූ පොතෙන් එවන්නම් ...:)

    ReplyDelete
    Replies
    1. හරි..එනතුරු බලා සිටිමි :)

      Delete
  11. එළ වැඩක් දිල් බලමු ලිය්වෙයිද කියලා මගෙනුත් මුකුත්....

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්. නිශුත් ලියනවාය කිව්වා :)

      Delete